ගැඹුරු (අභ්‍යන්තර) ශිරා ත්‍රොම්බොසිය 0(Deep vein thrombosis (DVT) සමහරවිට කිසිදු හේතුවක් නැතිව ඇතිවිය හැකියි. කෙසේවුවද DVT ඇතිවිය හැකි අවධානම සමහර අවස්ථාවන්හිදී වැඩි විය හැක.
ඔබ අක්‍රියශීලීව සිටින විට රුධිරය ඔබගේ ශරීරයේ පහල කොටසේ සාමාන්‍යයෙන් කකුල් වල පහල කොටස් වල එකතු වීමට නැඹුරුතාවක් ඇත. මේ පිලිබඳව කරදර විය යුතු නැත්තේ ඔබ නැවත ක්‍රියාශීලි වීමට පටන් ගන්නා විට රුධිර ගමනාගමනය වැඩිවී ශරීරය පුරා සමානව රුධිරය ගමන් කරන නිසාය.
කෙසේවුවද ශල්‍යකර්මයකින් අනතුරුව, රෝගී තත්ත්වයක් හෝ තුවාලයක් නිසා, හෝ දීර්ඝ ගමනක යෙදෙන විට, ඔබ දිගු වේලාවක් නොසෙල්වී සිටින නිසා ඔබගේ රුධිර ගමනාගමනයේ වේගය සැලකියයුතු තරම් අඩුවිය හැකියි. මන්දගාමී රුධිර ගමනාගමනය "රුධිර කැටියක්" ඇතිවීමේ අවධානම වැඩිකරයි.
ඔබට රෝහලකට යාමට සිදු වන්නේ නම් රුධිර කැටියක් ඇතිවීමේ අවධානම, වැඩි විය හැකියි. මෙයට හේතුව නම් බොහෝ විට DVT ඇති වන්නේ, ඔබ අසනීප හෝ අක්‍රියශීලී විට හෝ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාශීලි බවින් අඩු විටයි.
රෝගියෙක් ලෙස, ඔබ ලබා ගන්නා ප්‍රතිකාර අනුව DVT ඇතිවිය හැකි අවධානම රදා පවතී. පහත සදහන් හේතූන් මත ඔබගේ DVT ඇති වීමේ අවධානම ඉහල යා හැකියි:
ශල්‍යකර්මයක් නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාශීලි බවින් අඩු වීම හෝ බරපතළ තුවාල සහිත වීම නිසා හෝ රෝගය ඇතිවීමේ පවුලේ ඉතිහාසය වැනි වෙනත් DVT ඇතිවිය හැකි අවධානම වැඩි කරන කරුණු ඔබට DVT වැලදිය හැකි අවධානම වැඩිකරයි.
රෝහලකට ඇතුලත් කල පසු ඔබට රුධිර කැටියක් ඇතිවීමේ අවධානම, ඔබට ලබා දෙන ප්‍රතිකාර වර්ග පිලිබඳව තක්සේරු කර, අවශ්‍යතාව අනුව වලක්වා ගැනීම සදහා දෙනු ලබන ප්‍රතිකාර ලබා දිය යුතුය.
රුධිර නාලයකට හානියක් සිදු වූ විට, එය පටු වීම හෝ අවහිර වීම සිදු විය හැකි අතර, එය රුධිර කැටියක් ඇතිවීමට හේතුවක් විය හැක.
කැඩුන අස්ථි හෝ දැඩි මාංශපේෂි හානි මගින් රුධිර නාල වලට හානි සිදුවිය හැක.
සමහර අවස්ථාවන්හිදී ශල්‍යකර්ම වලදී, විශේෂයෙන්ම ශරීරයේ පහල කොටසේ සිදු කරන ඒවායින්හිදී, රුධිර නාල වලට සිදුවන හානි රුධිර කැටියක් ඇතිවීමට හේතුවක් විය හැකියි.
"වැස්කියුලයිටිස්"(vasculitis)(රුධිර නාල වල ආසාදන තත්වයන්), නහර ගැට ගැසීම්,රසායනික චිකිත්සක ප්‍රතිකාර වැනි සමහර ප්‍රතිකාර වර්ගයන් ද රුධිර නාල වලට හානි සිදුකල හැකියි.
ඔබ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිරය කැටි ගැසීමට නැඹුරුතාවක් දක්වන රෝගයකින් පෙලෙනවා නම් ඔබට DVT ඇතිවීමේ අවධානම වැඩිකරයි. එවන් අවස්ථාවන් නම්:
ගැබ් කාලය තුලදී රුධිරය පහසුවෙන් කැටි ගැසේ. එය ප්‍රසූතියේදී වැඩිපුර රුධිරය පිටවීම වලක්වා ගැනීමට ශරීරය විසින් ගන්නා මාර්ගයකි
ශිරා ත්‍රොම්බොඑම්බොලිස්ම් ( VTE) - DVT සහ පෙනහලු එම්බොලිස්ම් - දරුවන් සෑදිය හැකි වයසේ සිටින කාන්තාවන් 100,000 කින් එක් අයෙකුට බලපායි.
සම වයසේ සිටින ගර්භණී නොවන කාන්තාවන්ට වඩා 10 ගුණයක් පමණ ගර්භණී කාන්තාවන්ට ත්‍රොම්බොසියක් ඇතිවීමේ අවධානම වැඩි වුවත් ගර්භණී කාලයේදී DVT ඇතිවීම දුර්ලභ වේ. ගර්භණී කාලයේ ඕනෑම අවධියක සහ උපතින් පසු සති හයක් පමණ කාලයක් දක්වා රුධිර කැටියක් ඇතිවිය හැකියි.
ත්‍රොම්බොෆීලියාව(රුධිරය කැටි ගැසීමට වැඩි නැඹුරුතාවක් ඇති) හෝ ත්‍රොම්බොසිය සෑදී ඇති මවක් හෝ පියෙක්, සහෝදරයෙක් හෝ සහෝදරියක් සිටීම ගර්භණී කාලයේදී DVT ඇතිවිය හැකි අවධානම වැඩිකරයි.
ගර්භණී කාලයේදී ඇති වෙනත් අවධානම් සාධක නම්:
DVT වලින් පෙලෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සදහා අඩු අණුක භාරයක් සහිත හෙපරින් (heparin)නම් සංයෝගය(LMWH) භාවිතා කරයි.
LMWH යනු ප්‍රතිකැටිකාරකයක් එනම් එය රුධිර කැටිය තව දුරටත් විශාල වීම වලක්වනු ලබනවා. එය එන්නතක් ලෙස ලබා දෙනු අතර එමගින් වර්ධනය වන දරුවා හට බලපෑමක් ඇති නොකරයි.
සංයුක්ත උපත් පාලන පෙති හා හෝර්මෝන නැවත ස්ථාපිත කිරීමේ ප්‍රතිකාර (HRT) යන වර්ග දෙකම ඊස්ට්‍රජන් නම් කාන්තා හෝර්මෝනයෙන් යුක්ත වේ.. සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඊස්ට්‍රජන් මගින් රුධිරය කැටි ගැසීම වැඩි කරන නිසා ඔබට DVT වැලදීමේ හැකියාව දල වශයෙන් වැඩි කරනු ලබයි. ප්‍රොජෙස්ටරෝන් පමණක් ඇති උපත් පාලන පෙති වලින් එලෙස ඇතිවීමේ අවධානම වැඩි නොකරයි.
ඔබට හෝ ඔබේ සමීප ඥාතියෙකුට පෙර DVT සෑදී ඇත්නම් ඔබට DVT ඇතිවීමේ අවධානම වැඩි වේ සහ:
ඔබ විජලනය වී ඇත්නම්
පට්ටිකා නැමැති සෛල හා රුධිර කැටි ගැසීමේ සාධක නම් ප්‍රෝටීන වලින් රුධිරය යුක්ත වේ.. රුධිර නාලයක් කැපුන පසු, පට්ටිකා සහ රුධිර කැටි ගැසීමේ සාධක ඝන කැටියක් සාදා රුධිරය වහනය වීම වැලක්වීමට ඇබයක් ලෙස ක්‍රියා කරයි . රුධිර නාලයකට හානියක් සිදුවී රුධිර වහනයක් සිදු වන විට පමණක් සාමාන්‍යයෙන් රුධිරය කැටි ගැසීම සිදුවේ. රුධිර නාලයකට හානියක් නොවී රුධිරය කැටි ගැසීම ශිරාවක් හෝ ධමනියක් තුලදී සිදු වන්නේ නම් (thrombosis-ත්‍රොම්බොසිය) එමගින් රුධිර ගමනාගමනය සීමා කරනු ලබනවා.